Active usersලා මිලියන සංඛ්යාවක් සමඟින් ලොව පුර ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් හි ඔබගේ ඉන්ස්ටග්රෑම් අනුගාමිකයන් වර්ධනය කිරීමට ඔබට උපකාර කිරීමට හැකි උපදෙස් කීපයක් ලබාදෙන්න හිතුනා.

2012 වර්ෂයේ පමණ ඉන්ස්ටග්‍රෑම් අපු මම 7000ක් පමණ අනුගාමිකයන් ඇතිව මොනාද දන්නේ කියලා පිරිස් අසාවි, මුලින්ම ඒ පිරිස් වලට කියන්නම් 2012 ඉන්ස්ටග්‍රෑම් වලට ආ මම මේ වන විට ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 4කට හිමිකම් කියනවා වගේම මම අවුරුදු පහක් පමණ එහි එහෙ මෙහෙ ගොස් සොයාගත් කරුණු කීපයක් ගැන කතාකරන්නේ කියලා.

  1. like කරන්න අනික් අයගේ photos වලට.

මම සෑම රාත්‍රියකම අනිත් පුද්ගලයන්ගේ ඡායාරූප වලට පැය ගණනක් වැය කරනවා වගේම යමෙකුගේ ගිණුමේ 10–15 ක් ඡායාරූප හරහා යමින් ඔවුනොවුන්ගේ හැකියාවන් සහා එම ගිණුම් වල ඇති අවජ්‍ය බව සමග වේලෙමින් මගේ ගිණුම අවජ්‍ය මෙන්ම ක්‍රියා කාරී බව ඔවුන්ව දැනුවත් කරනවා ඉතින් ඉබේම ඔවුනොවුන් අපගේ ගිණුම් අනුගමනය කරන්න පෙලබෙනවා. මෙය ක්‍රමය නිසා ඔබගේ නම අනෙකා දැනගනිමද අනෙකුත් පරිශීලකයින් සොයා ගැනීමට ඉඩ සලසයි. trending වන hashtags පරීක්ෂා කරන්න, ඒ වගේම සමස්තයක් ලෙස, වියජ්‍ය or අක්‍රිය ලෙස නොසිටින්න.

2. ඔබේ ඡායාරූප සඳහා තේමාවක් නිර්මාණය කරන්න.

ඉහත කරුණ ඔබ අනුගමනය කළහොත්, ඔබගේ නාමය දැකීමට පටන් ගනී, ඔබගේ ගිණුම පරික්ෂා කර බැලීමට අනෙකා පෙලබේවි ඉතින් ඔබගේ ඉන්ස්ටග්‍රෑම් සඳහා තේමාවක් නිර්මාණය කිරීම අවශය වන බව ඔබට වැටහේවි. ඉතින් ඔබ තේරුම් ගත යුතුයි ඔබ කිනම් තේමාවක් යටතේ ඔබගේ චායාරුප පලකරන්වද කියා සිත් ඇදබැද නොගත්තද ඔබ පලකරන්නාවූ චායාරුපයේ තේරුමක් ඇති අයුරින් පලකරන්න

3. අදහස් ප්රකාශ කරන්න

ඔබට ලැබෙන අදහස් වලට ප්‍රතිචාර දක්වන්න. අනිත් අයගේ වැඩ සඳහා ඔබේ අදහස් ප්රකාශ කරන්න. “අනේ ඔයාගේ මුණ” වගේ දෙයක් වගේ නොවෙයි, තවත් ඡායාරූප පළ කරන්නට දිරිගන්වන අව්යාජ අදහස් දැක්වීමට උත්සාහ කරන්න

4. Hashtag

නියම හා ගැලපෙන #hashtag යොදාගන්න පුලුවන්නම් google කර ගැලපෙන වගේම trending hashtag බාවිතා කරන්න. ඒ වගේම ඒ අදාල hashtag යටතේ ඇති චායාරුප බලා අදහස් ගොඩනගන්න. “පොල් ගසක චයරුපයක් දමා අඹ ගසකට ගැලපෙන hashtag යොදානොගන්න”

5. චයරුපයට අදාල ස්ථානය හෝ පෙදෙස සටහන් කරන්න tag කරන්න

මොකද ඒ ආකාරයටම එම ස්ථානයට පැමිණ චායාරුප පළකරන්නන් වගේම ස්ථාන සොයන්නන් ඔබේ ඡායාරූපය දකිනු ඇත.

6. තරගයක් තියන්න

ඔබගේ අනුගමනය කරන්නන් සදහා පොඩි තරගයක් තියන්න අලුත් hashtag එකක් යටතේ චයරුප හෝ කිසියම් අයුරක අලුත් අදහසක් ප්‍රචලිත වන අයුරින්.

තව බොහෝ දේ ඇත මුලින්ම ඉහත ටික අනුගමනය කර බලන්න ඔබගේ අනුගාමිකයින් ඔබ සමග තව තවත් ලංවනු නොඅනුමානයි .

ඉහත මොනදේ කලත් වැඩක් නැහැ ඔබේ ගිණුම protected කර ඇතිනම්

Follow Me : https://www.instagram.com/stranshad/