වාර්ශික නිවාඩුවේ හතරවෙනි දවස පාන්දරම නැගිටල ඒ කියන්නනේ 3:00 විතර නැගිටලා 4:30 වෙද්දී බස් එකේ නැගලා ගියා පිටකොටුවට ගාලු යන්න බස් එකක් අල්ල ගන්න කියලා.

5:15 විතර වෙද්දී පිටකොටුවට ආවා. බස් නැවතුම්පොල ඇතුලට යද්දිම ගාල්ල හුක්කඩුව කලුතර පානදුරේ කියලා බස් එකක කෑ ගහනවා. දුවගෙන ගිහින් නැගලා කෝකටත් කියලා හිටපු අයියෙක්ගෙන් ඇහුවා. “අයියේ මේ ගාලු යන බස් එක නේද ?” ඔව් කියලා කිව්ව නිසා හිතේ සතුටින් ඉදගෙන සින්දුවකුත් අහගෙන පොඩි නින්දක් දැම්මා.

කෝම කෝම හරී උදේ 8:00 – 8:30 වෙද්දී හික්කඩුවට ලගා වුනා. හදිස්සියේ බස් එකෙන් බැහැ ගත්තට පස්සේ තමා මතක් වුනේ “මලා රුපියල් පන්සීයේ ඉතුරු කියලා”. මොනා කරන්නද කියලා හික්කඩුව බස් නැවතුම් පොල ඉස්සරහ තිබ්බ පොඩි කඩේට ගියා බඩට මොනා හරි දාගන්න කියලා. අහිංසක විදිහට පිලිගත්ත කඩේ වැඩ කරන ආච්චි මොනාද මහත්තයා ඕනේ කීවා.

මම: අච්චියේ මට ශොර්ට් ඊට්ස් ටිකකුයි කෝපි එකකුයි දෙන්නකෝ.

ආච්චී: මහත්තයෝ කෝපී නෑ නෙස්කැෆේ පැකට තියෙන්නේ.

මම :කමක් නෑ ආච්චියේ සීනි අඩුවෙන් එකක් දෙන්න

කෑම කාකා ඉද්දී තමා තේරුනේ කඩේ පිටිපස්සෙන් තියෙන්නේ හික්කඩු මුහුදු තීරය කියලා. ඉතින් කෝපි කෝප්පයත් අරන් කඩේ පිටිපස්සට ගියා. එලවළු කප කප හිටිය අක්කගෙන් ඇහුවා

අක්කෙ මෙතනින් යන්න පුළුවන්ද හික්කඩු බීච් එකට.

ඔව් ඔව් පොඩ්ඩක් ඉස්සරහට ගියහම බීච් එක

අඩි තුනක විතර තාප්පයක් කඩේ පිටිපස්සේ. “අක්කේ කමක් නැද්ද මෙතනින් පැනලා ගියාට” – කමක් නෑ …. නෑ කියද්දිත් මම තාප්පෙන් පනින්න ලෑස්තිවෙලා ඉවරයි ඉතිම්.

තාප්පෙන් පැනලා මුලින්ම කලේ බෑග් එකෙන් කැමරාව ගත්තු එක ඊට පස්සේ පෝන් එක අරන් 360 පොටෝ එකක් අරගත්තා.

අනේද කියන්නේ නිදහසේ මම හෙමිහිට හික්කඩු මුහුදු තීරය බලා ඉස්සරහට ගියා. උදේ වැඩි නිසාදෝ කවුරුවත් හිටියේ නෑ.

ඇවිදගෙන යද්දී මුලින්ම හමුවුනේ අන්කල් කෙනෙක් තන්ගුස් නූලක් දාගෙන වෙරලේ ඉදන් මාලු අල්ලනවා. අන්කල් කතාහා බහකට වැඩි කැමැත්තක් නෑ වගේ නිසා මම එහෙමම ඉදිරියට යද්දී ලස්සනට මාලු අල්ලන්න යන බෝට්ටුවගයක් නවත්තලා තිබුනා. වැහි වලාවකුත් එන නිසා මම ඉක්මනින් photo දෙක තුනක් අරන් තව ඉස්සරහට ගියා.

This slideshow requires JavaScript.

ඇවිදගෙන ඇවිදගෙන යද්දී වෙරල අයිනේ පොල් ගසක කෑල්ලක් (පොල් කොටයක්) තිබුනා. ඒ විතරක් නෙමේ ලස්සනට ඒකේ සිප්පියෝ ඇලිලා හිටියා.

DSC_0028
කෝම කෝම හරි වෙරලේ ඇවිදගෙන ආපු මම නොදැනම හික්කඩු වෙරල තීරයේ කොනටම ඇවිත්. දැන් එහෙනම් යන්න තියෙන්නේ උනවටුන වෙරල් තීරයේ ලස්සන බලන්න ඉතින් ප්‍රදාන පාරට ආපු මම මාතර බස් එකකට ගොඩ වෙලා කෙලින්ම ගියේ උනවටුන බලා. බස් එකට ගොඩ වෙද්දිම කොන්දස්තර අයියට කිව්වත් වෙරල ලගින් කියන්න කියලා ඔහු මාව උනවටුන හන්දියටත් කලින් තමා බැස්සුවේ.

පාරේ හිටිය කීප දෙනෙක්ගෙන් අහගන් beach එක හොයාගෙන ගියත් විනාඩි පහක් විතර ඇවිදලා tuk tuk එකකට ගොඩ උනා. “අපේ මිනිස්සුනේ” කියලා රුපියල් 200ක් ඉල්ල ගත්තා ඉතින් ඒ අයියා.

වෙරල හිතුවට වඩා ලස්සනයි හැම තැනම සුද්දෝ සුද්දියෝ පිරිලා. මම ඉතින් වෙරලේ හද් පොටෝ එකක් ගන්න හිතන් උනවටුන වෙරල තීරයේ දකුනට වෙන්න තියන පන්සල අයිනේ ගල් පර ලගට ගියා.

DSC_0037

සීයා කෙනෙක් තනියම බිලිපිත්තකුත් තියාගෙන මාළු අල්ලනවා. පොඩි කතාවක් දාගෙන මමත් පොටෝ වීඩියෝ ටිකක් ගන්න අතර තුරේදී සීයටත් මාළු කීප දෙනෙක්ම හම්බවුනා.

දැන් කන්නේ නෑ මෙතන මහත්තයෝ කියලා ටිකක් එහයින් පන්සල පිටිපස්සට වෙන්න තිබ්බ ගල් පරයට ගියා. මමත් වෙරල පැතත්ට ගිහින් පොටී ටිකක් ගද්දිම හොද වැස්සක් පටන් ගතතා 😞

දවල්ට කන වෙලාවත් ලන්වුනා.

එහෙනම් දැන් වෙලාව හරි ගාලු කොටුව බලා යන්න.

දවල්ට කාලම කෙලින්ම ඇදුනේ ගාල්ල town එකට.

බස් නැවතුම් පොල ඉස්සරහින් පිට්ටනිය පිටුපසින් ඇති පාර දිගේ ගිහින් ඇතුල් වුනා ගාලු කොටුවට.

ගාල්ල town එකටම කැපිලා පෙනෙන ඔරලෝසූ කනුව ලගට යන්න අවශ්‍ය වුනු නිසා මුලින්ම ඇදුනේ ඒ පැත්තට. එතනට යද්දී පඩිපෙල් අයිනෙන් තිබුනු හිර කූඩූ කීපය ලොකූ කතාවක් කියා සිටියා.

ඔරලෝසු කනුව කෙසේ වෙතත් කනුව අසල තිබුන පිලිරුවවල් ටික හැමෝටම selfi ගන්න උදව්වෙන බවක්නම් හොදට දුටුවා.

This slideshow requires JavaScript.


ඊලගට ලනදේසින් ඉන්ග්‍රීසින් අලංකාරව ගොඩනගා තිබූ පල්ලි ටිකත් බලාගෙන lighthouse එකේ පොටෝ ටිකකුත් අරගෙන හෙමිහිට ගාලු කොටුවේ උසාවියත් බලාගෙන ගාල්ල බස් නැවතුමට ආවේ කොලබට යන්න බස් එකක් හොයන්.

This slideshow requires JavaScript.

බස් එකට ගොඩ වුන වෙලේ කරන්නදෙයකුත් නැතිනිසා, උදේ ඉදන් ලබාගත් වීඩියෝ කීපය එකතුකරලා පොඩි වීඩියෝවක් හැදුවා කට්ටියටම බලන්න පුලුවන් වෙන්න. 👇🏼

Down south tour ( Srilanka )

හතරවෙනි දවසත් එහෙනම් නොදැනීම ඉවර විය.